විකල්පයක් ගැන සිතන්න මහින්ද මහනුවරට –

රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා අවංකව කැපවන ඕනෑම අයෙකුට තමන් ගේ සහය ලබාදෙන බව හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීමේ කටයුත්ත ආණ්ඩුව ලවා කරවා ගැනීමට බලන බවත් එසේ නොවුණහොත් වෙනත් වැඩපිළිවෙළක් පිළිබඳව කල්පනා කර බලන බවත් ඒ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (28) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනතාව වඩා අවංකව අයුක්තියට විරුද්ධව නැගී සිටිය යුතුව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.