පාස්කු ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ කොමිෂන් වාර්තාව: කතෝලික පල්ලියට — මෙලනි මානෙල් පෙරේරා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික සභාව වෙත භාර දෙන ලදී.

 
ඒ අනුව, අමාත්‍ය  ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති , කුරුණෑගල රදගුරු හැරල් ඇන්තනි පෙරේරා රදගුරු තුමා වෙත භාර දී ඇත.
 
එවකට, ජනාධිපති සහ ආරක්ෂක ඇමතිවරයකු වූ සිරිසේන ජනාධිපතිවරයා, පාස්කු ඉරිදා ප්රහාරයන්ට සම්බන්ධ නඩුවකින් ජනවාරි මාසයේ දී වැරදිකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, පෙත්සම්කරුවන්ට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම විය.

එවකට එම තනතුරු දැරූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන නිළධාරීන් ද කලින් අනතුරු අඟවා තිබියදීත් මෙම මාරාන්තික ප්‍රහාර එල්ල වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බව අනාවරණය විය.
 
2019 අප්‍රේල් 21 වෙනි දා , පාස්කු ඉරිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල දී දේවස්ථාන සහ හෝටල්වල දී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මිනිස් ජීවිත 272 ක් අහිමි වී තවත් 500 දෙනෙකුට වඩා අධික පිරිසක් තුවාල ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed