ආර්ථික කඩාවැටීමේ වගකීම ජනතාව මතට මාරු කිරීම
වගකීම් නොමැතිකම
දැන් යටපත් කර ඇති විරෝධතා ව්‍යාපාරය විසින් අතීතයේදී පෙන්වාදෙන ලද, වත්මන් කාලයේ අඛණ්ඩ ඛේදවාචකය නම්, බලයේ සිටින පුද්ගලයන්ට වගවීමක් නොමැතිවීමයි. ඔවුන්ට විනිවිදභාවයක් ද නැත. ඒ වෙනුවට ඇත්තේ නොදැනුවත්කමේ අඳුරු වලාකුළකි. මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් ලක්ෂ 50ක් අතුරුදන් වුණු සිදුවීමක් වාර්තාවිය. මුදල් අතුරුදන්ව සති දෙකක් ගතව ඇතත්, එය සොයාගැනීම සිදුකෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු විනිවිදභාවයකින් යුතු පියවර ගැනීමක් නොමැත. මුදල් අතුරුදහන් වූ ආකාරය සහ පසුව සොයාගන්නේ කෙසේද, කොහේද සහ කවුරුන් විසින්ද යන්න පිළිබඳව පහසුවෙන් දැකගත හැකි පැහැදිලි කිරීමක් නොමැත. මහ බැංකුවෙන් අතුරුදන් වූ මුදල් පිළිබඳ කතාව පැමිණ ඇත්තේ, මහ බැංකුව රුපියල් බිලියන ගණනින් මුදල් මුද්‍රණය කරන පසුබිමක බවද සඳහන් කළ යුතුය. ඊට වෙනස්ව, වගවීම යන සංකල්පය ශ්‍රී ලංකාව තුළ පවතින අතර එය ක්‍රියාත්මක වියයුතු වේ. එහෙත් එවැන්නක් රජය තුළ නම් සිදු නොවේ. පෞද්ගලික බැංකුවල බැංකුකරුවන්ට තම රැකියාවේදී කුමන වැරැද්දක් කළත්, වැටුප් කප්පාදුවකින් ඒවා ගෙවීමට සිදුවේ.
රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ විකිණීම සඳහා වන ආණ්ඩුවේ පැහැදිලි ඉල්ලීම, දේශපාලන නායකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ දැක්ම පිළිබඳ සාක්ෂියක් ලෙස ප්‍රක්ෂේපණය කෙරේ. රාජ්‍ය සේවය විශාල සේවක පිරිසකගෙන් පිරී ඇති අතර, රජය විසින් කළමනාකරණය කරනු ලබන ව්‍යාපාර දැවැන්ත පාඩු ලබමින් සිටී. එහෙත් දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය සහ අවශ්‍යතා සපුරාලීම සඳහා, ඒවාට විශාල වශයෙන් බඳවාගෙන ඇති කම්කරුවන් මත වරද පැටවීම අසාධාරණ සහ සදාචාර විරෝධීය. දේශපාලන සංවාදය කණපිට හැරී ඇත. දේශපාලන නායකයන් විසින් සිදු කර ඇති වැරදි කළමනාකරණය හේතුවෙන් වන ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට වගවීමක් නොමැති අතර, එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ දේශපාලකයන් විසින් බඳවා ගන්නා ලද බහුතරයක් කම්කරුවන්ටය.
ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ එය වත්මන් අවුල් ජාලයෙන් මුදවාගැනීම පිළිබඳ වත්මන් විවාදයට ඇතුළත් නොවන තවත් කොටසක් වන්නේ, අතීතයේ සිදු වූ ආර්ථීක අවභාවිතය සහ දූෂණ සම්බන්ධයෙන්, ඇත්ත වශයෙන්ම ආර්ථිකයේ සිදු වූ කොල්ලකෑම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීමයි. ආණ්ඩුව විසින් එම දේශපාලන නායකයන් වගවීමට ලක්කර නැත. ඒ වෙනුවට, අරගලයේ උච්ඡතම අවස්ථාවේ දී, ඔවුන්ගේ නිවෙස්වලට පහර දී ගිනි තැබූ විට, ඒ වෙනුවෙන් වේදනාවට පත්වන බව පමණක් පෙන්වා දී ඇත. එවැනි ක්‍රියාවන්ද අගය කළ හැකි නමුත්, එම හැසිරීම සමස්ත ජනයා සඳහාම විය යුතුය. සාමාන්‍ය පුරවැසියන්ට වඩා දේශපාලකයන්ට ලබාදෙන වෙනස් සැළකිලි, පසුගිය යුද්ධය, ත්‍රස්තවාදය සහ කෝලාහලවලදී දේපළ අහිමි වූ විශාල පුරවැසියන් කොටසක් හමුවේ ශ්‍රේණිගත කර ඇත. ඔවුන්ට පසුව පැමිණි ආණ්ඩුවලින් ලැබී ඇත්තේ සොච්චම් වන්දියක් පමණි.
දූෂණය පිළිබඳ ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට ආණ්ඩුවේ පවතින අකැමැත්ත, සමහර විට නොහැකියාව, එහි මූලයන් කරා ආපසු ගෙනයයි. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා, ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව පමණක් අවධානය යොමුකර ඇත. ඛේදවාචකය නම්, මෙම රාජ්‍ය ප්‍රවේශය විසින් ශ්‍රී ලංකාව අවම වශයෙන් දශක හතරක් තිස්සේ අබලන්ව තිබූ නොගැඹුරු ප්‍රදේශයට යළි ඇදදැමීමයි. වගවීම සහ ප්‍රතිසංස්කරණ සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සභාගයක් පිහිටුවීමට රජය සූදානම් නැති අතර, ඇත්ත වශයෙන්ම වචනවලින් පමණක් නොව ආණ්ඩු පක්ෂයට සහ එහි නායකත්වයට ප්‍රාණ ඇපකරුවන් බවට පත්වීමටද සිදුව ඇත. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට පටන්ගෙන ඇත. මෙය සිදු කිරීමට නම්, එය දූෂණ නඩු හඹා යෑම ඇතුළු පැහැදිලි අරමුණු මත පදනම් විය යුතු අතර, සැබෑ බලය බෙදාගැනීමේ උත්සාහයකින් සමන්විත වියයුතුය. බලයේ රැඳී සිටීමට ඇති ආශාව, දූෂණයට වඩා ප්‍රමුඛත්වය නොගත යුතුය.
ශ්‍රී ලංකාව සිය ජනතාව අපේක්ෂා කරන ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට නම්, පැරණි ණය ගෙවීමට අනුප්‍රාප්තික රජයන් විසින් ණය ගන්නා ආර්ථික අවපාලනය, කොල්ලකෑම් සහ වංචනික යෝජනා ක්‍රම වෙනස් විය යුතුය. දොස් පැවරිය යුත්තේ ජනතාවට නොව වංක හා දූෂිත නායකයන්ටය. ප්‍රමුඛ චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් විසින් පෙන්වාදී ඇත්තේ, රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නිරීක්ෂණය කළ හැකි කොන්දේසිවලින් සියයට 25ක් පමණක් සම්පූර්ණ කර ඇති බවත්, වගවීම සහ විනිවිදභාවය සඳහා වන සිය කැපවීම් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්ය. IMF වැඩසටහනේ කාලීන ප්‍රගතිය ප්‍රතිලාභ දෙකක් ඇති බව වෙරිටේ රිසර්ච් සඳහන් කර ඇත. පළමුව, බොහෝ ක්‍රියාවන්ගෙන් ඇති විය හැකි ද්‍රව්‍යමය ප්‍රතිලාභ පවතී. දෙවනුව, එමගින් ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි විශ්වාසය වැඩි දියුණු කළ හැකි අතර, එය අතීත ණය බර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සහ අනාගත ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ මාවත වේගවත් කරවන සාකච්ඡාවලට උපකාරී වේ.
1970 ගණන් වලදී ශ්‍රී ලංකාව, සිය ජනතාවට සමාජ සුබසාධනය සහතික කිරීම, විදේශ ප්‍රතිපත්තියේ නොබැඳීම යන සෑම අංශයකින්ම තුන්වන ලෝකයේ ප්‍රමුඛයා වූ අතර, සංවර්ධනය වෙමින් පවතින දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය ලිහිල් කළ පළමු රටවලින් එකක් විය. මෙය ශ්‍රී ලංකාවට නිසි නායකත්වයක් ඇත්නම් ඉක්මණින්ම නැවත ලබාගත හැකි තත්වයකි. වසර 450ක යටත් විජිත පාලනයෙන් සහ එම පාලනයත් සමඟ ඇති වූ සූරාකෑමෙන් පසු, යළි නිදහස ලබන විට “ශ්‍රී ලංකාව නැගෙනහිර ස්විට්සර්ලන්තය බවට පත්වීමේ හැකියාව ඇති, සමස්ත ආසියාවේම ආර්ථික ප්‍රමුඛයකු වූ බව අමතක නොකළ යුතුය”. රටේ ජනතාව සතු ස්වාභාවික හැකියාවන් ඔවුන් වෙනත් රටවලට සංක්‍රමණයවී ලබාගන්නා සාර්ථකත්වය තුළින් පෙන්නුම් කර ඇති අතර, එය හා එක්වුණු රටේ ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින්, රටට අහිමිවූ කාලය ඉක්මණින් අල්ලා ගැනීමට හැකි වනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි. එහෙත් එහිදී අවංකභාවය, විනිවිදභාවය සහ සදාචාරය තිබිය යුතු අතර, උතුරේද දකුණේද, දුප්පත්ද පොහොසත්ද භේදයකින් තොරව සියලුදෙනාම මේ ගමනට එක්ව රැගෙන යෑම අවශ්‍ය වේ.
– ජාතික සාම මණ්ඩලය (NPC)