ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳියි – මෙලනි මානෙල් පෙරේරා


සංචාරය අතරතුර, විල්කොක් දුප්පත් ග්‍රාමීය ප්‍රජාවන් ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට මුණගැසුණු අතර, WFP හි එක්සත් ජනපද අරමුදල් සහිත වැඩසටහන් ආර්ථික අර්බුදය විසින් ගෙන එන අභියෝග ජය ගැනීමට ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30 කට වඩා වැඩි ප්‍රමාණයකට විශේෂයෙන් දුප්පතුන් ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳිමින් සිටින බව ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ වඩබලන අධ්යක්ෂ ජෙරාඩ් රෙබෙල්ලෝ පැවසීය.

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් ජෙරාඩ් රුබෙල්ලෝ විසින් නොබෝදා සිදුකළ අදහස් තවදුරටත් තහවුරු කරමින් මෝජෝ නිවුස් වෙත අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (NAFSO) ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ (PARL) සම්බන්ධීකාරක ප්‍රියංකර කොස්තා, උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා දිස්ත්‍රික්ක 15 ක ධීවර ගොවී සහ බිම් මට්ටමේ පීඩිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන ඔවුන් ජෙරාඩ් රුබෙල්ලෝ ගේ එම ප්‍රකාශය ඉතා සත්‍යයක් බව පැවසීය.

මෙම පිරිසෙන් බහුතරයක් කෘෂිකාර්මිකයින් වුවද වර්තමානයේ ප්‍රධාන වශයෙන් දෛනිකව ආහාරයට ගැනීමට සිදුව ඇත්තේ බත් සහ එක් එළවළු වර්ගයක් පමණක් බව සඳහන් කළ ප්‍රියංකර මේ තත්ත්වය හේතුවෙන් කුසගින්න ට වැඩිපුරම ගොදුරු වී තිබෙන්නේ ගැබිනි මවුවරුන් සහ දරුවන් යැයි කීහ.
හිස් කෑම පෙට්ටි රැගෙන පාසල් යා නොහැකි නිසා පාසල් එන සිසුන් සංඛ්‍යාව සියයට 50 දක්වා පහත වැටී ඇති බවත් ආහාර නොමැතිකම ඊට හේතුව බවත් පාසැල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රියංකර කොස්තා පැවැසීය.

අතීතයේ දී ආහාර අතින් ස්වයංපෝෂිත වූ ශ්‍රී ලංකාව මෙවන් ඛේදවාචකයකට මුහුණ පා ඇත්තේ රාජ්‍ය පාලනය කරන පුද්ගලයන් තම බලය රැකගැනීමේ එකම අරමුණින් ක්‍රියා කරන නිසාත් අර්බුදවලට මුහුණ දෙමින් ජීවත් වන රටේ පුරවැසියන් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.