William Webb Ellis රග්බි ලෝක කුසලානය 2023 මහනුවරට ප්‍රවේශවීම – නිමල් කොළඹිස්ස – මහනුවර

ප්‍රංශයේ පැවැත්වෙන  රග්බී ලෝක කුසලානයේ ශූරයන්ට ප්‍රදානය කෙරෙන රන් කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවරට ගෙන ඒම අද (22)  පෙරවරුවේ සිදුවිය.

හිටපු ලෝක රග්බි ශූර බ්‍රයන් හබානා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මහනුවර කරා ගෙන එන ලද William Webb Ellis රග්බි ලෝක කුසලානය මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානය අභියසදී පිළිගන්නා ලදි.

එම කුසලානය රැගත් වාහන පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මහනුවර නගරය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කොට  නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණය වෙත ළඟාවිය.

එහිදී ආරම්භ වූ ලද William Webb Ellis රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය කිරීම පස්වරු 2.00 දක්වා සිදුවේ.

රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන එන ලද මුල් අවස්ථාව මෙය වන අතර එම ලෝක කුසාලන තරඟාවලිය මෙම වර්ෂයේදී සැප්තැම්බර් මස 08 සිට 28 වන දින දක්වා ප්‍රංශයේදී පැවැත්වේ.

කුසලානය මහනුවරට ප්‍රවේශ වූ අවස්ථාව සඳහා මහනුවර නියෝජ්‍ය පුරපති ඉලාහි ආබ්දීන් මහතා, නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුමාරච්චි මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *