ගඩලාදෙණිය විෂ්ණු දේවාලයට නව බස්නායක නිලමේවරයෙක් – නිමල් කොළඹිස්ස – මහනුවර

මහනුවර ගඩලාදෙණිය විෂ්ණු දේවාලයේ නව බස්නායක නිලමේවරයා වශයෙන් ප්‍රියන්ත බණ්ඩාර යාපා මහතා නිලවරණයෙන් තේරී පත්විය.
එම දේවාලයට නව බස්නායක නිලමේවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද ප්‍රකාශ කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ මෙහෙයවීම මත අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිමුතු බණ්ඩාර බඹරදෙණිය මහතා සහ ප්‍රියන්ත බණ්ඩාර යාපා මහතා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වූ අතර ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිවෙලින් 10ක් සහ 16කි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා, සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, පිටිසරබද දේවාලයන්හි බස්නායක නිලමේවරු, රජමහ විහාරයන්හි භාරකාරවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු ඡන්ද 28කින් මෙම පත්වීම සැදුම්ලත් වේ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.