වෙනස් ආකාරයේ නත්තල් සැමරුමක් – මෙලනි මානෙල් පෙරේරා


ඒ නත්තල් සාදය පසුගියදා කොළඹ අගරදගුරු පදවියේ මෝදර පිච්චමල්වත්ත ප්‍රදේශයේ දි පැවති අතර එය වෙනදා පැවති නත්තල් උත්සව මෙන් වෛර්ණවත් නොවීය. ආහාර පාන වලින් ඉතිරී ගොස් තිබුණේ නැත. කැරොල් ගායනා කළ අය විවිචිත්‍රවත් ඇඳුමින් සැරසී සිටියේ නැත. එය ඉතාම චාම් එහෙත් නත්තලේ ගුණ සුවඳ සිහිපත් කළ සරළ උත්සවයක් විය.
වෙනස් මගක් ගත් එම සරළ නත්තල් උත්සවය , පිච්චමල්වත්ත ළමා සංවර්ධන මධ්‍යශ්ථානයේදි පසුගිය 16 වෙනිදා පස්වරුවේදි පැවති අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක ගරු රොහාන් සිල්වා පියතුමා ය.
පිච්චමල්වත්ත ළමුන්ගේ නත්තල් ගස විචිත්‍රවත් නත්තල් සැරසිළි සහ සෙල්ලමිබඩු වලින් සරසා තිබෙනු වෙනුවට, වර්ථමානයේදි ළමුන් තමන්ගේ නිවසේදී මුහුණ දෙන අගහිගකම් පිළිබඳව කොල කැබලිවල සටහන්කර නත්තල් ගස සරසා තිබුණි.
“නත්තල් සැරසිලි වලින් අපේ නත්තල් ගහා සරසනවා වෙනුවට අපි ළමයි විධියට ගෙදරදී පාසැලේ දී මුහුණ දෙන ප්‍රශ්න වලින් තමයි නත්තල් ගහා සරසන්න හිතුවේ” යැයි ළමුන් ප්‍රකාශ කළ අතර, නත්තල නැතිනම් ජේසුගේ උපන් මංගල්‍යය මේ වසරේ දී අප අතරට ආවේ අපි හැම දෙනාම දැඩි ආර්ථීක ප්‍රශ්න වලින් හොඳට ම හෙම්බත්වෙලා ඉන්නකොටදි” යැයි ළමුන් ප්‍රකාශ කළෝය.
“සපත්තු මිළ ඉතා අධිකයි” , “මන්දපෝෂණය වැඩිවෙලා” , ” අභ්‍යාස පොත් ගන්න සල්ලි නැහැ” , “ආහාර නැහැ , කිරිපිටි නැහැ”, “දුප්පත්කම වැඩිවෙලා” , “මත්ද්‍රව්‍ය අපිව ගිලගෙන” යනාදි වශයෙන් ලියු කොළ කැබලි වලින් නත්තල් ගස සරසා තිබුණි.

එමෙන් ම, මේ නත්තල තුළින් පෙන්ව දෙන ප්‍රශ්න ඉදිරියේ සියලු දෙනා ම එකමුතුව, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පිළිතුරු සොයන්නට එක්ව සිටගනිමු යැයි ද පියතුමා ආරාධනා කළේය.
පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කරන ලද සිංහල සහ ඉංග්‍රිසි භාෂාවලින් යුත් නත්තල් කැරොල් ගායනා කිහිපයක් අවසානයේ දි, පිච්චමල්වත්ත ළමා සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකාරක සනත් ප්‍රනාන්දු විසින් උත්සව සභාව ඇමතීය.

පිච්චමල්වත්ත ළමා සංවර්ධන වැඩසටහන, පිච්චමල්වත්ත ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම් ලාභි පවුල්වල පාසැල් යන දරුවන් සඳහා නොමිලයේ අධ්‍යාපනය ලබාදීමට මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රය මගින් පවත්වාගෙන යනු ලබන
වැඩසටහනකි.