2022 වසරේ ලොව විශිෂ්ඨතම කාන්තාවන් සියය අතරට ශ්‍රී ලාංකාවෙන් එක්නැළිගොඩ බිරිඳ – මෙලනි මානෙල් පෙරේරා

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ බීබීසීයේ “2022 සඳහා ලොව පුරා සිටින වඩාත් ප්‍රබෝධමත් සහ බලගතු කාන්තාවන්” 100 දෙනාගේ ලැයිස්තුවේ සිටී. එම නම් ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කර ඇත. 

2022 දී APAC කලාපයේ කාන්තාවන්ගේ දිගු ලැයිස්තුවක් සමඟින් 2022 සඳහා ලොව පුරා සිටින ප්‍රබෝධමත් සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුව BBC විසින් අනාවරණය කර ඇත.

වාර්ෂික BBC කාන්තා 100 ලැයිස්තුව, බිම් මට්ටමේ ස්වේච්ඡා සේවකයන්ගේ සිට ගෝලීය නායකයින් දක්වා ජාත්‍යන්තරව කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරයි.

 
දෙමළ කොටි බෙදුම්වාදීන්ට එරෙහිව සිදුවූ බව කියන අපයෝජනයන් පිළිබඳ විමර්ශනය කරමින් සිටියදී 2010 වසරේදී සුප්‍රසිද්ධ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ, සිය සැමියා අතුරුදන් වූ දා සිට, සන්ධ්‍යා එක්නැළිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූ දහස් ගණනකගේ හඩ විය.
 
ඇයගේ ප්‍රචාරණ කටයුතු සහ ක්ෂේත්‍රය තුළ ඇය සිදුකරන අනෙකුත් කටයුතු වෙනුවෙන් 2017 වසරේ ,”International Women of Courage Award” ද ලබා ගත්තේය.

තම ස්වාමිපුරුෂයා අතුරුදහන් වූ දා සිට, කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකුගේ මවක් වු සන්ධ්‍යා , ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ආදරණීයයන් අහිමි වූ දහස් ගණනක් මව්වරුන් සහ භාර්යාවන් වෙනුවෙන් සිය හඩ මෙන්ම සහය පලකළ දිරිය කාන්තාවකි.

 
“මම සෑම අවස්ථාවකදීම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන ගැහැණියක් පමණක් නොවෙයි, අනේක විධ වු අපහාස හා අවලාද මධ්‍යයේ කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන් අභියෝග ජය ගනිමින් යුක්තිය සොයා යන ගැහැණියක්.” යැයි කාන්තාවන් 100ක් අතරට ඇයව නම් කිරීමේ මෙම සුවිශේෂනීය අවස්ථාව පිළිබඳව විමසු විට ඇය පැවසුවාය.
 
පිරිමි දරු දෙදෙනෙකුගේ මවක් වන සන්ධ්‍යා සිය සැමියා අතුරුදහන් වූ දා සිට යුක්තිය පතා සිටින අතර ඇය චෝදනා කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් තම සැමියා පැහැර ගැනීමට වගකිව යුතු බවයි. මේ වනවිට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කර ඇත.
 
“මෙවර ලැයිස්තුවේ සිටින කාන්තාවන් සිය ප්‍රජාවන්ට සහ සමාජයට අත්කර දී තිබෙන සහ දායක වී ඇති ආකාරය කැපී පෙනෙන අතර, බීබීසීය ඔවුන් කෙරෙහි අවධානය යොමු කරමින් සිය පළමු පෙළේ පුවත්පත් කලාව සහ කතන්දර කීම තුළින් ඔවුන්ගේ කථා ලොව පුරා බෙදාහදා ගනිමින් වැදගත් කාර්යයක් කරමින් සිටීම ගැන මම ආඩම්බර වෙමි, යැයි BBC හි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *