ජනාධිපතිතුමා විසින් 2022 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින්

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් නොදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකර 2050 වසරට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව දෙසැම්බර් 05 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

යල් පැන ගිය ආර්ථික ක්‍රම තුළින් රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය වන පළමු, දෙවැනි සහ තෙවැනි දේ විදේශ විනිමය බව ද ප්‍රකාශ කළේය. 
 
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුහගත කර නිවැරදි ආර්ථික ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


‘.කැළඹීමේ සිට අවස්ථාව දක්වා’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම අපේක්ෂිත වාර්ෂික ආර්ථික උත්සවය වන 2022 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව, දෙසැම්බර් 05 වෙනිදා කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. 


පවතින මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාසය කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා , රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව ද පැවසීය. 
 
ලබන වසරේ විදුලිබල ක්ෂේත්‍රයට පමණක් රුපියල් බිලියන 300ක් වැය කරන බවත්, එම වියදම පියවා ගැනීමට විකල්ප සෙවිය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම විදුලිබල ක්ෂේත්‍රයට නව විකල්ප බලශක්ති හඳුන්වාදීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා රජය සූදානම් බවත්, පුනර්ජනනීය බලශක්තිය වෙනුවට හරිත හයිඩ්‍රජන් බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

 
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උප සභාපති මාර්ටින් රයිසර්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි, NITI Aayog India හි ප්‍රධාන විධායක නිලධාරී පරමේෂ්වරන් අයියර් යන මහත්වරු ද මෙම අවස්ථාවට අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *