ලෝක AIDs දිනය අදයි – උදාර හේමචන්ද්‍ර

ලෝක AIDS හෙවත් HIV දිනය අදට දෙසැම්බර් (1) යෙදී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1987 දෙසැම්බර් 1වනදා ලෝක HIV හෙවත් AIDS දිනය ලෙස නම් කරන ලද අතර එතැන් සිට දෙසැම්බර් 1වනදා ලෝක AIDS දිනය ලෙස sසමරනු ලබනවා. එමෙන්ම HIV වැළඳුණු පුද්ගලයන් ලෝකය පුරා කොන්වීමකට ලක්වන අතර එය වැලැක්වීම මෙලෙස ලෝක HIV දිනය සමරනු ලබනවා . ලෝක මට්ටමින් මිලියන 38,ක් HIV රෝගයෙන් පීඩා විදිනවා. ශ්‍රීලංකාව ගත්විට පුද්ගලයන් 3600-4000ත් අතර HIV රෝගින් ස රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වනවා . එමෙන්ම පසුගිය වසරට වඩා මෙම වසරේදී මෙරට HIV රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ඔක්තෝම්බර් මාසයේදී වාර්තා වුණා. කලාපයක් ලෙස වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වන්නෙ අප්‍රීකානු කාලාපයෙන්.