කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් මහනුවරදී අත් අඩංගුවට – මහනුවර වාර්තාකරු

අළෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටින බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අළෙවි සැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
සැකකරු මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ ඥාතියෙකු බවද විමර්ශන මගින් හෙළිව ඇත.
මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කළක පටන් පවත්වාගෙන යන අදාළ වාහන අළෙවි සැලේ හිමිකරු වන සැකකරුගේ පියාගෙන්ද පොලීසිය මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ.
තම පුතු සිටින ප්‍රදේශයක් නොදන්නා බව ඔහු පොලීසියට පවසා ඇත.
වාහන අළෙවි සැලේ ගාල්කර තබා කොමිස් මුදලක් තබාගෙන වාහනය විකුණා මුදල් දෙන බව පවසමින් මෙම පුද්ගලයා දිවයිනේ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම වාහන ලබාගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙලෙස ලබාගත් තම වාහනය විකිණීමෙන් ලද මුදල ලබා නොදුන් බවට පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුද සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed