“ආණ්ඩුවේ විමර්ශන ගැන විශ්වාසය නැත. අපි දෙවියන් තුළ විශ්වාසය තබා ක්‍රියා කරනවා” – කොළඹ අගරදගුරු හිමි


 
පුද්ගලයන් 279 දෙනෙකුට මරු කැඳවූ සහ සිය ගණනකට තුවාල සිදු කළ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ රජයේ පරීක්ෂණ කෙරෙහි විශ්වාසය නැති වී ඇති අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීම සඳහා දේව මැදිහත්කම තුළ විශ්වාසය  තබා, ආධ්‍යාත්මීක පසුබිම තුළ හඩනැගීමට අපේක්‍ෂා කරනවා යැයි ‍කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කළේය. 
 
පාස්කු ප්‍රහාරය සිදුකර වසර 05ක් ගතවී ඇතත් අපට සතුටුවිය හැකි ආකාරයෙන් විනිවිද පෙනෙන, නිදහස් විමර්ශනයක් සිදුවී නැති බව කාගෙත් පිළිගැනීම යැයි සඳහන් කළ අගරදගුරු හිමිපාණන් , මේ පිළිබඳව කොතරම් හඩනැගුවත්, කොතරමි ඉල්ලීම් ඉදිරිපත් කළත්, එවැනි විමර්ශනයක් සිදුවුණේ නැති බවත්, සිදුවිය හැකි යැයි සිතිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.
 
“මේ ප්‍රහාර පිටුපස ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට මෙතෙක් බලයේ සිටි අය සැලකිය යුතු කිසිවක් කර නැත,” කාදිනල් හිමි පැවසීය.
 
“බලයේ ඉන්න පක්‍ෂ දෙකේම නායකයින්ගෙන් ඒ පිළිබඳව කිසිම සහතිකයක් , සුභවාදි ප්‍රතිචාරයක් අපිට මේ වන තුරු ලැබුණේ නැහැ. නමුත් අපි ආගමීක ජීවිතයක් ගතකරන පුද්ගලයින් විධියට අපේ බලාපොරොත්තුව අපි අත්හරින්නේ නැහැ. දෙවියන්වහන්සේ ක්‍රමක්ක්‍රමයෙන් මේ පිළිබඳව සත්‍ය අපිට හෙළිකරයි කියලා අපි විශ්වාසයෙන් අපේ වැඩපිළිවෙල ඉදිරියට ම කරගෙන යනවා” යැයි අගරදගුරු හිමි පැවසීය.
 
පාස්කු ඉරිදා බෝම්බකරුවන් වත්මන් පරිපාලනයේ ඉහළම බුද්ධි අංශ නිලධාරියෙකුට සම්බන්ධ කළ,  බ්‍රිතාන්‍ය රූපවාහිනී වාර්තා චිත්‍රපටයේ චෝදනා විමර්ශනය කිරීමට පවා රජය අපොහොසත් වූ බව ද කාදිනල් හිමි සඳහන් කළේය.
 
නීතීඥයින් කණ්ඩායමක් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවත් අධ්‍යයනය අවසන් වූ පසු ඒ පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කරන බවත් අගරදගුරු  හිමි  ප්‍රකාශ කළේය.

2024 අප්‍රේල් 21 ඉරිදා දින, පාස්කු දින විනාශයේ පස්වන සංවත්සරය සමරන අවස්ථාවේදී,  පාස්කු ඉරිදා වින්දිතයන් දිවි පිදූවන් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව අගරදගුරු හිමි දැන්වීය.

කටුවාපිටිය දේවස්ථානයේ, කොච්චිකඩේ දේවස්ථානයේ සහ සියොන් දේවස්ථානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සියලු දෙනාගේ නම්, ඉරිදා පැවැත්වීමට නියමිත සැමරුම් වැඩසටහන්වලදී වතිකානු තානාපති වෙත භාරදීමට නියමිතය.

– ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *