විශ්වවිද්‍යාල සිසුවා අතුරුදන් වී අදට දින 06ක් – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවා අතුරුදන් වී දින හයක් ගතව ඇතත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසියට නොහැකි වී ඇත.
සිසුවාගේ දෙමව්පියන්ද ඥාතීන් ඇතුළු සිසුවාගේ මිතුරන් ගේ නිවෙස් වලට ගොස් ඔහු පිළිබඳ තොරතුරු සොයා ඇතත් මේවන තුරු සැලකිය යුතු තොරතුරක් ඔවුන් කිසිවෙකුටත් ලැබී නැත.
මෙම සිසුවා සම්බන්ධයෙන් වෙනම පොලිස් පරීක්ෂණ අඛන්ඩව සිදුකෙරෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසයි.
සිසුවා බණ්ඩාරවෙල ප්‍රදේශයේදී හමුවූ බවට කටකතාවක් පැතිර යන බවත් එවැනි තොරතුරක් පිළිබඳව පොලීසියට නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් පේරාදෙණිය පොලීසිය පවසයි.