ගජමුතු අළෙවි කිරීමට ගිය හිමිනමක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අළෙවි කිරීමට ගිය හිමිනමක් ඇතුළු පස්දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිව මාතලේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (06) මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණය අසලදී රාත්‍රී 9.30 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත උපයා දූතයෙකු යොදවා ගජමුතු මිලට ගැනීමට සලස්වා අදාළ වැටලීම සිදුකර තිබේ.
හිමිනම ඇතුළු පිරිස ත්‍රිරෝද රථයකින් පැමිණි ගජමුතු අළෙවි කිරීමට සැරසෙත්දී පොලීසිය එම ස්ථානය වටලා පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම බිබිල ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සෙසු සැකකරුවන් බිබිල හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed