රට අගාධයට දැමු බදු හොරුන් ඇල්ලීමට සූදානමක — මෙලනි මානෙල් පෙරේරා වාර්තා කරයි

tax
මේ රට අගාධයට පත්වන්නට එක් හේතුවක් ලෙසට වංචනීක ලෙස බදු නොගෙවා වංචා කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ දී සංවාදයට ලක්වී ඇත. ඒ තුළ,  මුදල් අමාත්‍යංශය ගන්නට යන පියවරින් ඇත්තටම බදු වංචාකාරයින් හට නීතිය ක්‍රියාත්මක කරයිද ?

පාර්ලිමේන්තුව තුළ කොතෙකුත් කථාබහට ලක්ව ඇති, බදු වංචා සම්බන්ධයෙන් අදාළ සම්පුර්ණ වාර්ථාවක් ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය සැළැසුම්කර ඇතැයි වාර්තා වෙයි.


ශ්‍රී ලංකා රේග-ුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදයම්බදු දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන කිහිපයක ම ප්‍රධානින් සමග අද – සැප් 26 දින පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මීට අදාළ වාර්තාව සකස්කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ තොරතුරුවලට අනුව , මෙරට බදු ගෙවන්නට නියමිත සංඛ්‍යාව 59000 කි. ඒ අතරින් බදු ගෙවන්නන් 28000 ක් ම බදු ගෙවන්නේ රුපියල් ලක්‍ෂ 10ට අඩුවෙන් බවත් , 80 දෙනෙකු පමණක් රුපියල් ලක්‍ෂ 100 ට වඩා ගෙවන්නන් බවත් අනාවරණය විය.

ඔහුගේ නිගමනය වන්නේ බදු වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙය අදහසක් හෝ යෝජනාවක් පමණක් බවට පත්නොවී ක්‍රියාත්මක කිරීමේ වගකීමත් ඔවුන් සතුවිය යුතුය. එහෙත් මහජනතාවගේ අත්දැකීම වන්නේ, ලංකාවේ කොතෙකුත් අන පනත්, නීති ස්ථාපිත වී තිබුණ ද ඒවා නිසි ආකාරයෙන් සුදුසු ම දූෂීතයින් , වංචාකරුවන් ,අපාරාධකරුවන් වෙත ක්‍රියාත්මක නොවීමයි. පාර්ලිමේන්තුව තුළ ම බදු වංචාකරන මහජන නියෝජිතයින් කී දෙනෙකු සිටිනවා ද යන්න, යෝජනාව ගෙනා මහින්දානන්ද මන්ත්‍රීවරයා ම දනියි.

මේ අතර , බදු ආදායම වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය මත නව බදුගෙවන්නන් ලක්‍ෂ 25ක් එකතුකර ගැනීම සඳහා ඔක්තෝබර් මස පළමු දා සිට නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිත බැවි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *