බඹර ප්‍රහාරයෙන් 12ක් රෝහලේ – මහනුවර වාර්තාකරු

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබූ බොක්කාවල වෑවල උතුර ග්‍රාම සේවා වසමේ පිහිටි වෑවල පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු හා ගුරුවරියක් ප්‍රතිකාර සඳහා බොක්කාවල රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය පෙරේදා (20) උදෑසන 10.30 ට පමණ සිදුව ඇති අතර රෝහල් ගත කළ පිරිස අතර සිසුන් 06 දෙනෙකු හා සිසුවියන් 06 දෙනෙකු සිටිති.
පාසල් භූමියේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ළමුන් හා ගුරුවරිය බඹර ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලීසිය පවසයි.
රෝහල් ගත කළ පිරස අතරින් ගැහැණු ළමුන් දෙදෙනෙකු ඊයේ (21) වනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර සෙසු පිරිස සුවය ලබා පිටව ගොස් තිබේ.