රාත්‍රී 10.00 න් පසු කොළඹ නගරය අක්‍රියයි , සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කියයි – මෙලනි මානෙල් පෙරේරා
කොළඹ නගරයේ රාත්‍රී 10.00 න් පසු කිසිදු විනෝදාස්වාදයක් නැහැ. නගරය නිද්‍රාශීලීයි. වියදම් කරන්න කැමති අයට වියදම් කරන්න තැනක් නැහැ. වියදම් කරන්න කැමති අයට මුදල් වියදම් කිරීමට අවස්ථා නිර්මාණය කළ යුතුයි, යනුවෙන් සංචාරක කර්මාන්තයෙන් මුදල් සොයන ආකාරය හඳුන්වා දෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කළේය.
රාත්‍රී කාලයේදි ආහාර ගැනීමට සහ මත්පැන්හල්වල කාලය ගත කිරීම සඳහා බොහෝ මිනිසුන් නගරවලට පැමිණෙන නමුත් කොළඹ නගරයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් යනුවෙන්, ඊයේ -බදාදා (14) මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය..
“මිනිසුන්ට මෙහි රාත්‍රී ජීවිතයක් නැහැ. සියලුම වෙළඳසැල් සහ විනෝදාස්වාද සපයන්නන් රාත්‍රී 10.00 න් පසු වසා දමනවා.” යැයි පැවසීය.
ශ්‍රී ලංකාව දිවයිනක් බැවින් පිටරටට විකිණිය හැකි දේවල් විශාල ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන බව ප්‍රකාශ කරන රාජ්‍ය ඇමතිනිය, සංචාරක කර්මාන්තය, එක් අංශයක් පමණක් නොවන බවත්, එය, විනෝදංශවාද, අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික, කෘෂිකාර්මික සංචාරය යනාදි වශයෙන් අංශ රාශීයකට බෙදා වෙන්කර ඒ ඔස්සේ රටට අවශ්‍ය ඩොලර්ස් උපයාගත හැකි බව ප්‍රකාශ කළේය.
“Entertainment” කියන්නේ , ඒ අය එන්නේ කන්න, බොන්න, ක්ලබ් යන්න, නයිට් ක්ලබ් යන්න, විනෝද වෙන්න. අද අපේ රටේ ඇත්තටම මේක අඩුයි. මොකද අපේ රටට එන සංචාරකයින්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැ. සල්ලි ගන්න නම් එයාලට වියදම් කරන්න අවස්ථා දෙන්න ඕනේ. නමුත් රෑ 10.00 න් පස්සේ කොළඹ සොහොනක් වගේ නම්, වියදම් කරන්න තැනක් නැහැ. ඒ නිසා ඒ අවස්ථා අපි හදන්න ඕනේ. Night life – Night Economy කියන්නේ ඒකයි.”යනුවෙන් ඇය සඳහන් කළේය.
ශ්‍රි ලංකාව තුළ විසිරී තිබෙන එම අවස්ථාවන් හඳුනාගෙන, ඒවා නිවරැදිව සකස්කර එවැනි සංචාරක කර්මාන්තයක් ශ්‍රි ලංකාව තුළ නිර්මාණය කර සංවර්ධනය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරිය ඒ සඳහා අවශ්‍ය සෑම දෙයක්ම ස්වභාවධර්මයෙන් ම ලංකාවට ලැබී ඇතැයි පැවසීය.