හිටපු ජනපති මෛත්‍රිපාල රැජිනට ශෝකය ප්‍රකාශ කරයි – දිනුෂිකා සංදීපනී

දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා  හිටපු ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබේ .
මෙහිදී තම ශෝක සටහන, අදාළ ග්‍රන්ථයේ සටහන් කිරීමෙන් අනතුරුව  මෛත්‍රීපාල සිරිසේන මහතා  මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 වර්ෂයේ තමා ජනාධිපති විමෙන් අනතුරුව එළිසබෙත් මහ රැජිණ බ්‍රිතාන්‍ය බකිංහැම් මාලිගාවට තමා කැඳවා තෑගි ලබා දීම සහ සංග්‍රහ කිරීම පිළිබඳව මතකය ආවර්ජනය කර ඇත .

මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය සඳහන් කළේ ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවන මේ මොහොතේ එම ශෝකය බෙදා ගැනීම සඳහා මෛත්‍රිපාල මහතාගේ  පැමිණීම තමන්ට ගෞරවයක් බවත් එලිසබෙත් මහ රැජිණ සමඟ තිබූ සම්බන්ධතාවය පිළිබඳ මතකයන් බෙදා ගැනීම සම්බන්ධව සතුටට පත් වන බවත් හා ඒ වෙනුවෙන් තමා ස්තූතිය පළ කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *