ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යුරෝපා සංගමයේ දැඩි අවධානයට – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රි ලංකාව තුළ මිනිසුන් දඩයම් කිරීම සඳහා වර්තමානයේදි ඉතාම අමානුෂික ලෙස භාවිතයේ යොදවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අත්හිටුවන ලෙසට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද බලපෑම් එල්ල වෙයි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් එය අත්හිටුවන ලෙස යුරෝපා සංගමය (EU) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිhs¡

ඊයේ  12  යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ” —සාමකාමී  අරගලකරුවනට  එරෙහිව —අනවශ්‍ය ලෙස බලය යෙදවීම˜ හෙළා දුටුවේය.

— වගවීම සහ දණ්ඩමුක්තිය අවසන් කිරීම˜ සඳහා වහා ක්‍රියා කළ යුතු ලෙස ද දූත පිරිස ඉල්ලා සිටියේය .

ඊයේ ආරම්භ කළ 51 වැනි සැසිවාරයේදී  ශ්‍රී ලංකාව පිළිබඳ සභාගත කළ වාර්තාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සිය ස්තුතිය පළ කළ කල අතර  ” ශ්‍රී ලංකාවේ —මානව හිමිකම් ප්‍රතිසන්ධානය˜ සහ —වගවීම˜ සඳහා ඔවුන්ගේ කැපවීම යලිත්  තහවුරු කර බව  යුරෝපා සංගමය පැවසීය.

මාස ගණනක විරෝධතා සහ මෑත කාලීන ආණ්ඩු වෙනසෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හඳුනාගත හැකි බව ප්‍රකාශ කළ යුරෝපා සංගමය” අවදානමට ලක්විය හැකි සහ ආන්තික තත්ත්වයන් තුළ සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස” විශේෂයෙන්ම මානව හිමිකම් සහ මූලික නිදහස ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.

—සියලු දෙනාගේම ආර්ථික ” සමාජීය සහ සංස්කෘතික අයිතීන් ඵලදායී හා සමාන ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාවය ද අපි අවධාරණය කරමු˜ යනුවෙන් යුරෝපා සංගමය පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ නිරන්තර සම්බන්ධතාව පැවැත්වීමට මෙන්ම මහ කොමසාරිස්වරයා සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට ද යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජය දිරිමත් කළේය.

පරිපාලනය ” නීතියේ ආධිපත්‍යය ” ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ බලය බෙදීම සහ මානව හිමිකම් පිළිබඳ සම්පුර්ණයෙන්ම ඇතුළත් සංවාදයක් සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට අපි දිගටම සහාය දෙන්නෙමු.” යයිද  යුරෝපා සංගමය පැවසීය.

51 වන මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය සැසිවාරය 2022 සැප්තැම්බර් 12 සිට ඔක්තෝබර් 7 දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *