හැටන් පාරක තරුණයෙකුගේ මළ සිරුරක් -චන්දන ජයවීර – හැටන්

අද (12) උදෑසන හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල, මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල පුද්ගල මල සිරුරක් සොයාගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි.
එම මාර්ගය අයිනේ මළ සිරුරක් ඇති බවට මහජනතාව පොලීසියට දුණුම්දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට පැමිණ තිබේ.
මියගිය පුද්ගලයා බලංගොඩ, මොරහැල, මැදගමමැද්ද ප්‍රදේශයේ පදංචිව සිටි (27) හැවිරිදි නදීර සම්පත් නැමති අය බවත්, හෙතෙම තලවාකැලේ නඟරයේ පිහිටි මාළු වෙළඳසලක සේවය කරමින් සිටි අයෙක් බවට හඳුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
අධිකරණ නියෝගය ලැබීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා නුවරඑළිය දිසා රෝහලට භාරදීමට නියමිත බව පොලීසිය කියයි.
සොයාගත් සිරුරේ තුවාල තිබු බවත්, ඔහු ඝාතනය කළේද නැතහොත් රිය අනතුරකින් මිය ගියාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල-පතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.