ඇමරිකා එක්සත් ජනපදයේ “විෂ් කොලිෂින්” විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ලොව පුරා සෞඛ්‍ය ,ජන ජීවිතය, ආහාර පුරුදු හා සංස්කෘතිය පිළිබද අධ්‍යායනය කරමින් යන අතර වාරයේ මේ දිනවල මෙරටට පැමිණ තිබේ. ඒ අනුව කදුකරයේ ග්‍රාමීය ජනාවාස වල සෞඛ්‍ය තත්ත්වය,පුරුදු මෙන්ම ආහාර සංස්කෘතිය,සමාජ හා ජනතා ආකල්ප මෙන්ම අධ්‍යාපනය පිළිබදව අධ්‍යාපනය කිරිම සදහා හැටන් - කලවැල්දෙණිය ගම්මානයේ දින තුනක කාලයක් රැදි සිටින ලදි. මෙහිදි ග්‍රාමීය ජනතාවගේ නිවාස වලම රැදි සිටිමින් මෙම තරුණ තරුණියෝ පිරිස ගම්වැසියන් සමග සුහදව කරයුතු කල අතර ඔවුන් විසින් අනුග්‍රහය දක්වමින් පොදු කටයුතු රැසකට දායක විය. මෙහිදි හැටන් කලාපයට අයත් කලවැල්දෙණිය විද්‍යාලයේ අව පැහැ ගැන්වී...