admin

“නිදහස අහිමිකරන පනතක් හමුවේ” කෙසේ ධීවර දිනයක් සමරමුද? – වෘත්තීය සමිති සභාපති– ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

"සාම්ප්‍රදායිකව, නැවතත් නොවැම්බර් 21 ලෝක ධීවර දිනය ලෙස පවත්වනු ලැබේ. නමුත් ශ්‍රී ලංකා සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ ධීවරයින්ට, "ධීවර දිනය...

ධනවතුන්ට ප්‍රතිලාභ ලබාදීම සහ දුප්පතුන් ප්‍රතික්ෂේප කිරීම සඳහා කොටස් වශයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ –  ආචාර්ය ජෙහාන් පෙරේරා

    රජයේ තේරීපත්වූ ශාඛා දෙකට පවතින නීත්‍යානුකූලභාවය හීනවෙමින් පවතින මොහොතක, තේරීපත් නොවූ ශාඛාවක් නීත්‍යනුකූලභාවයක්‌ ලබාගනිමින් සිටී. මීට වසර එකහමාරකට...

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්- ජජනී කොඩ්තුවක්කු

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර...

සිවුරු පඬු පොවනවා දැකලා තියෙනවා ද ? 1985 න් පසු ව ඉපැරණි පඬු පෙවීමේ ක්‍රමය නවක සිසු සිසුවියන්ගේ අධ්‍යයනයට -.චන්දන ජයවීර  හැටන්

  මේ කඨින චීවර පුජා පිංකම් පවත්වන කාලයයි .වස්කාලය අවසන් වන පෝය දිනයේ දී විහාර වාසි ව වැඩ වසන සංඝයාවහන්සේ...

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවෙන් නදීක දයා බණ්ඩර – මහනුවර

සංචාරය ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය සහ පළාත් කාර්මාන්ත හා සංචාරක දෙපාර්තමේන්තුව...

තම ගිණුමෙන් රු 1000 ක් ගන්න අමතර රු 1500 ක් ඕන .නෝර්ටන් වැසියෝ මැසිවිළි නගති. -චන්දන ජයවීර – හැටන් 

  හදිසි අශ්‍යතාවයක් සදහා තම පුද්ගලික බැංකු ගිණුමෙන් රුපියල් 1000ක මුදලක් ලබා ගැනීමට කිලෝමීටර් 13 ක් හෝ 20 ක දුරක් යා යුතු බවත් ඒ සදහා ත්‍රීවිලර් රථයකට රුපියල් 1500 ක මුදලක් නිකරුනේ වැය කිරිමට සිදු වන බවටත් නෝර්ටන් නගර වැසියන් මැසිවිලි නගති . අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් නෝර්ටන් නගරය යනු එකම රාජ්‍ය හෝ පුද්ගලික වාණිජ බැංකුවක් නොමැති නගරයකි .මෙරට පළමු ජල විදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඉදි කිරිමටත් පෙර සිටම ජනාවාසයක් වු නෝර්ටන් නගරය කේන්ද්‍රීය කරගත් ගම්මාන රැසකි. ලක්ෂපාන,කිරිවන්එළිය,කළවැල්දෙණිය, ඔස්බෝන්, විමලසුරේන්ද්‍ර ගම ,කොත්තැල්ලෙන ,හඟරාපිටිය,ඇඩිට්රි ආදි ප්‍රදේශ මුලික කර ගත් ගම්මාන රැසකි .නෝර්ටන් නගරයේ ප්‍රධාන පාසල් දෙකක් ,පොලිසිය ,ඉන්ධන පිරවුම් හල ,වෛද්‍ය ශාලාව හා වෙළඳසැල් පිහිටා ඇත.කිරිවන්එළිය ,ලක්ෂපාන හා කළවැල්දෙණිය ප්‍රදේශවල රාජයේ පාසල් තිබේ .ඉහත ගම්මාන වල ජීවත් වන ජනතාව ගිනිගත්හේන හරහා කොළඹ හා මහනුවර වෙත මෙන්ම හැටන් නගරය වෙත ගමන් කිරිමට ද පැමිණෙන කේන්ද්‍රීය නගරය නෝටන් ය. ශ්‍රිපාද වන්දනා සමයේ දී මෙන්ම අනෙකුත් කාල වල දී ද දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී පාදය හා පාරසරික සුන්දරත්වය විඳීමට යන එන අතර නෝටන් නගරයට එනු ඇත . එලෙස පැමිණෙන ප්‍රදේශවාසීන් ,දෙස් විදෙස් සංචාරකයින් නගරයේ රාජ්‍ය හෝ පුද්ගලික බැංකුවක් හෝ ක්ෂණිකව මුදලක් ලබා ගැනීමට A T M යන්ත්‍රයක් වත් නොමැතිව බොහෝ සෙයින් අසරණ වන බව ගම්වාසීන් පෙන්වා දෙති . රාජ්‍ය සේවයේ හා විවිධ ව්‍යාපාර වල නිරතවන ජනතාව සේම තේ ,කෝපි, කරාඹු, එන්සල් ආදි ආර්ථික බෝග වගා කරන ගොවි ජනතාව එවා අලෙවි කර ගැනීම සදහා හැටන් හෝ ගිනිගත්හේන නගර වෙත ගමන් කල යුතුව ඇත .එවා මිලදී ගැනීම් මධ්‍යස්ථානයක් පවා නෝර්ටන් නගරයේ ක්‍රියාත්මක නොවන්නේ මූල්‍ය ගනුදෙනු කිරිම සදහා බැංකුවක් නොමැති නිසාය . නගරය ආර්ථික වශයෙන් සංවිධානය වීමටත් මෙම කාරණය දැඩි බලපෑමක් වී ඇති බව පවසන එහි ජනතාව එම නිසා මෙම නගරය හා ඒ අවට ගම්මාන රැසක ජනතාවගේ පහසුව උදෙසා නෝර්ටන් නගරයේ රජයේ හෝ පුද්ගලික බැංකුවක් අවම වශයෙන් මුදල් ලබා ගැනීම හා තැන්පත් කිරිම සදහා  ATM...

පේරාදෙණිය ඇතුලු අවදානම් යැයි නම් කර ඇති ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරිමට පියවර – නදීක දයා බණ්ඩාර

නාය ගිය පේරාදෙණිය නගරය ඇතුලුව අවදානම් යැයි නම් කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මහනුවර...

සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට සුදුසු යටිතල පහසුකම්වලින් ශ්‍රී ලංකාව සමන්විත බව ස්විට්සර්ලන්තය අවධාරණය කරයි. – නදීක දයා බණ්ඩාර

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකි යටිතල පහසුකම් හා සෙසු  විභවතාවයන්ගෙන් ශ්‍රී ලංකාව සමන්විත යැයි ස්විට්සර්ලන්තයේ තානාපති සිරි වෝල්ට් (H.E. Siri Walt) මහත්මිය පවසයි....

ඇට මිදුළු පිළිකා මාරකයෙන් අවු 3මාස 8 දරුවා බේරා ගැනීමට මහජන සහය පතයි -චන්දන ජයවීර හැටන්

ඇට මිදුළු බද්ද කිරිමේ මාරාන්තික පිළිකා රෝගයකින් පෙලෙන වයස අවුරුදු 3 යි මාස 8 ක් වයසැති තම සිගිති දරුවාගේ ජීවිතය බේරා ගැනීමට  හැකියාවක් තිබෙන පුද්ගලයන්ගෙන් හෝ ආයතනයක සහයෝගය අපේක්ෂා කෙරේ . හැටන් සමනළ ගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන සිත්ති රුස්නා හා ඉර්ෂාඩ් අයැද සිටිති .දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වන ඔවුන්ගේ තෙවන දරුවා තාහිර්ය .ඔහුගේ වයස අවුරුදු තුනයී මාස අටකි .ලේ පිලිකවෙකින් පෙලෙන ඒ දරුවා ට ඇට මිදුළු බද්ධ කිරිමේ සැත්කමක් කරන ලෙස මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ .එම සැත්කම රජයේ රොහල් වල සිදු කල නොහැකි නිසා නවලෝක පුද්ගලික රෝහල වෙත යොමු කල බව පවසයී. නවලෝක රෝහලේ වෛද්‍ය නිර්දේශය අනුව මාස තුනක් ඇතුලත සැත්කම කිරිමට නිර්දේශ කර තිබෙන අතර ඒ සදහා වැය වන මුදල මිලියන 15 කි .හැටන් නගරයේ නාටාමි රැකියාවක නිරතව සිටින ඉර්ෂාඩ් හට එම මුදල සොයා ගැනීම කිසිසෙත් කල නොහැක්කකි . එම නිසා ආධාර පත්‍ර මගින් මුදල් ඉපැයීම සිදු කරමින් සිටින අතර දැනටමත් ලබා දුන් කාලයෙන් මාසයක්  ඉක්ම ගොස් තිබෙන මොහොතක දරුවාගේ ජීවිතයට බෙරා ගැනීමට ඔවුන් මහජන සහය පතමින් අයදියී . ඉර්ෂාඩ් ගේ දුරකථන අංකය 0767532684  

මහ වැසි හේතුවෙන් මහනුවර නාය අවදානම් ගැන විමසිලිමත් වන ලෙස දැනුම්දීමක් – නදීක දයා බණ්ඩාර

අධික වර්ෂාපතනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් නාය යාමේ අවදානම් කලාප වශයෙන් ජාතික ගොඩනැගිලි සංවිධානය මගින් නම් කොට...