බුළුගම්මන ප්රදේශයේ දී වන සතුන් මරා හෝටල් හා ආපන ශාලා සදහා මස් අලෙවි කර පුද්ගලයෙකු අත්තඩංගුවට – වසන්ත රෝහණ සමරවර්ධන
බුලත්කොහුපිටිය වන ජීවි කාර්ය්යාලයේ නිළධාරීන් විසින් අරණායක බුළුගම්මන ප්රදේශයේ දී වන සතුන් මරා ප්රදේශයේ හෝටල් හා ආපන ශාලා සදහා මස් අලෙවි කර පුද්ගලයෙකු (11 දින )අත්අඩංගුවට ගැනීමට බුලත්කොහුපිටිය වනජීවි කාර්ය්යාලයේ නිළධාරීන් සමත් වී තිබෙනවා
ඔහු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, බදින තුවක්කු 4 ක්,හිස් පතොරම් කොපු 30 ක් සහ සතුන්ට ඇල්ලීම යොදා ගන්නා මදු 100 ක් පමන අත්තඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු (59) පමණ පුද්ගලයෙකි.සැකකරු වන ජීවී නිලධාරීන් විසින් ඇප මත මුදා හැර ඇති අතර ඉදිරි දිනක ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලී බුලත්කොහුපිටිය අඩවි වින සහකාර කේ පී උදය කරුණා නායක මහතාගේ මුලිකත්වයෙන් අඩවි සහකාර උදිත් වීරතුංග, වන සත්ව නියාමක කේ පී පමිත සදරුවන් ,නාරද කලුආරච්චි සහ රියදුරු සමන් යන අය සහභාගි වී තිබෙයි.
