බද්දේගම ප්රාදේශීය සභාව සංවිධානය කරන “ගිං ගංගා රසෝඝා” – 2026 බද්දේගම සාහිත්ය උදානය සාහිත්ය තරගයේ විවෘත අංශයේ තරග සඳහා නිර්මාණ භර ගැනේ.- සඳනුවන් කීර්ති
බද්දේගම ප්රාදේශීය සභාව සංවිධානය කරන “ගිං ගංගා රසෝඝා” – 2026 බද්දේගම සාහිත්ය උදානය සාහිත්ය තරගයේ විවෘත අංශයේ තරග සඳහා නිර්මාණ භර ගැනේ.
කෙටිකතා, කාව්ය සහ විචාර තරගය මෙසේ විවෘත තරග ලෙස පැවැත්වේ.
දිවයිනේ ඕනෑම පළාතක පදිංචිකරුවනට සිංහල භාෂා මාධ්යයෙන් කෙටි කතා,කවි සහ විචාර ඉදිරිපත් කළ හැකිය.
එවනු ලබන නිර්මාණ සියල්ල ස්වතන්ත්ර නිර්මාණ විය යුතු අතර එක් අයෙකු එක් ප්රවර්ගයකින් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
කෙටිකතා සහ කාව්ය නිර්මාණ වල වචන ප්රමාණයේ සීමාවක් නොමැත.
විචාරයන්හි වචන 1200ත් 1500ත් ප්රමාණයකට සීමා විය යුතුය. විචාරය සඳහා 2024, 2025, 2026 තෙවසරෙහි ශ්රී ලංකාවේ ප්රමුඛ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්ර වුණු හා ප්රශස්තම කෘතීන් ලෙස නම් කළ,
නවකතා, කෙටිකතා, සහ කවි කෘතීන් අතරින් ඕනෑම කෘතියක් විචාරයට ලක් කළ හැකි අතර එක් අයෙකු එක් විචාරයක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
එහිදී, විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධය. සමකාලීන සාහිත්ය ප්රවණතා පිළිබඳ අවබෝධය. සමාජ හා දේශපාලන දෘෂ්ටිය.
භාෂාව හා ආඛ්යාන උපාය මාර්ග. කෘතිය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීම. යන කරුණු විනිශ්චයට ලක් කෙරෙනු ඇත.
සියලු නිර්මාණ සහ විචාර 2026 ඔක්තෝබර් මස 31 දිනට පෙර එවිය යුතුය.
එවනු ලබන නිර්මාණ සහ විචාර පිළිගත් ඇගැයුම් මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කෙරෙන අතර තෝරා ගන්නා ජයග්රාහකයින්ට නොවැම්බර් 07 දින බද්දේගම නගර ශාලාවේ පැවැත්වෙන “ගිං ගංගා රසෝඝා” බද්දේගම සාහිත්ය උදානය ප්රාදේශීය සභා සාහිත්ය උළෙලේදී සම්මාන, ත්යාග සහ සහතික පත් පිරිනැමෙනු ඇත.
තරගකරුවන් නිර්මාණ/ විචාර පැහැදිලි අත්අකුරින් හෝ A4 කඩදාසියේ තනි පැත්තේ ලියා හෝ ටයිප් කර
“ගිංගංගා රසෝඝා”
බද්දේගම සාහිත්ය උදානය,
ප්රාදේශීය සභාව,
බද්දේගම.
යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ publiclibrarybaddegama@gmail.com විද්යුත් ලිපිනයට හෝ 0769442231 whatsapp අංකයට යොමු කළ හැකිය.
වැඩි විස්තර සඳහා 0912292471 අමතන්න.
