දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
