කෑගල්ල හෝටලයක අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකුට තුවාල – වසන්ත රෝහණ සමරවර්ධන

කෑගල්ල නගරයේ පිහිටි හෝටලයක අද අලුයම( 19) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව කෑගල්ල පොලිසිය පවසයි.අද අලුයම එහි සේවකයන් හා සාදයක් සඳහා පැමිණි පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් හෝටල් සේවකයෙකු විසින් වායු රයිපල් වර්ගයේ ගිනි අවියකින් මෙසේ වෙඩි තැබීම සිදුකර ඇත .තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබූ පුද්ගලයා කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

.සිද්ධිය පිළිබඳ වැඩිදුරු පරීක්ෂණ කෑගල්ල පොලිසිය පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *