පොදු ප්‍රවාහන රියදුරන් 252ක් අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණයට
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන්නේදැයි හඳුනාගැනීමේ අහඹු පරීක්ෂණයක් ඊයේ (01) පිළියන්දල ප්‍රධාන බස්නැවතුම කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
එහිදී බස්රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ ත්‍රීරෝද රථ රියදුරන් 252 දෙනෙකු පමණ පරීක්ෂණයට යොමු කළ අතර, ඉන් පුද්ගලයින් 07 දෙනෙකු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන තිබේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.කේ. ජෝසෆ් මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළදී අදාළ පරීක්ෂණ සිදුකර තිබේ.
රිය අනතුරු සහ මාර්ග විනය පිරිහීමට බලපාන කරුණු සැලකිල්ලට ගනිමින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර හා විනයගරුක රියදුරු පිරිසක් බිහිකිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සහාය ඇතිව මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට හඳුනාගන්නා රියදුරන්ට ආයතනික නීති මෙන්ම රටේ පොදු නීතිය යටතේද දඬුවම් පැමිණවීමට කටයුතු කෙරේ.
