සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ධාරිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවති වැඩමුළුවක් ඊයේ (28) කොළඹදී සාර්ථකව අවසන් විය.

යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන EU CRIMARIO (European Union’s Critical Maritime Routes Indian Ocean) වැඩසටහන යටතේ මෙම වැඩමුළුව සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

මෙම වැඩමුළුවේදී සමුද්‍රීය සහයෝගීතාව, සම්බන්ධීකරණය හා සන්නිවේදනය (Maritime Cooperation, Coordination and Communication – MARCO3) මෙන්ම Indo-Pacific Regional Information Sharing – IORIS වේදිකාව භාවිත කිරීම පිළිබඳව දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම සිදු කෙරිණි.

EU CRIMARIO ව්‍යාපෘතියේ අභ්‍යාස සැලසුම් හා උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස කටයුතු කරන Mr. Bjon මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩමුළු පැවැත්විණි.

ඒ අනුව, MARCO3 වැඩමුළුව 2026 අගෝස්තු 17 සිට 21 දක්වාත්, IORIS වේදිකාව භාවිත කිරීම සම්බන්ධයෙන් ජාතික සම්මත ක්‍රියාපටිපාටියක් (IORIS National Standard Operating Procedure) සකස් කිරීමේ වැඩමුළුව අගෝස්තු 24 සිට 28 දක්වාත්, කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩමුළු මඟින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම, ආයතන අතර සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

END/GONP/MMP/29082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *