“සේයා සිත්තම් ” සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධන වැඩසටහනක් වඳුරඹදී – දමිත් සඳනුවන් කීර්ති

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංව්ධානය කරන ලද “සේයා සිත්තම් ” සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධන වැඩසටහන (25දා) මාබොටුවන චතුර ළමා සෙවන රැකවරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වදුරඹ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල් අරුණි ප්‍රබෝධා මෙනවියගේ මගපෙන්වීමෙන් ජේෂ්ඨ උපදේශන නිලධාරී මේකලා සෙව්වන්දි මහත්මිය හා පළාත් සංස්කෘතික නිලධාරී අනූෂි බුද්ධිකා මහත්මිය විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

මේ වැඩසටහන සදහා සම්පත්දායකත්වය ප්‍රවීණ චිත්‍ර ශිල්පී සී.එස් සරීනා මහත්මිය, ජේෂ්ඨ උපදේශන නිලධාරී මේකලා සෙව්වන්දි මහත්මිය ,පළාත් සංස්කෘතික නිලධාරී අනූෂි බුද්ධිකා මහත්මිය විසින් ලබා දෙන ලදී.

මේ වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය චතුර ළමා සෙවන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකා ජී.කේ.වී ව්නීතා ව්තානගේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, සංවර්ධන නිලධාරී ( පරිවාස )රුවනි ලසන්තිකා මහත්මිය එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *