රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනෙන් යක්කලමුල්ලේ විෂමත් ජාවාරමේ නිරත 36 රක්ෂිත බන්ධනාගාරයට – දමිත් සඳනුවන් කීර්ති

නව රජය ක්‍රියාත්මක කරනු ලබන රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශය තුළ මෙම වසරේ මාස අටක කාලය තුළ සිදුකරනු ලැබූ වැටලීම් වලින් මහා පරිමාණයෙන් විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ විකිණීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෝ 36දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ ඇති බව යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරක ලද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෝ සන්තකයේ හෙරෙයින් ,අයිස්,හෑෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ගෑම් පහකට වැඩි ප්‍රමාණයක් සිය සන්තකයේ තබාගෙන සිට ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවෝ අතර බොහෝ පිරිසක් මීට පෙරද මෙම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිතය බන්ධනාගාර ගතවූ අය බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එසේම මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවෝ අතර කාලයක් තිස්සේ විවිධ උපක්‍රම භාවිතා කරමින් සැඟව සිට ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත සිටී සැකකරුවෝද සිටිනා අතර ඔහුන් දැඩී පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත.

මෙම වැටලීම් ගාල්ල දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. සී.ඒ.පුෂ්පකුමාර,ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ මහතා,සහකාර පොලිස් අධිකාරී දමයන්ති යන මහත්ම මහත්මියගේ නියෝග සහ උපදෙස් මත යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *