සිල්ලරට පීටරට දුම්වැටි විකුණු කල්පිටියේ වෙළදසැල් දෙකක් මාට්ටු – ප්‍රසාද් පුර්නමාල්
රටේ බදු අදායම අහිමි කරමින් බෝට්ටු මගින් මෙරටට ගෙන්වන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි සිල්ලරට විකුණු වෙළද සල් හිමියන් දෙදෙනෙකු දුම්වැටි සමග අත්අඩංගුවට ගැනීමට පුත්තලම ජෞෂ්ධ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ නියෝග පරිදි ක්‍රියාත්මක වන ක්ෂණික විහිදුම් බලකාය සමත්ව තිබේ .
අද 16 පස්වරුවේ කල්පිටිය නගරයේ මේ වැටලීම් කර ඇත. පසුගිය කාලයේ මේ පොලිස් කණ්ඩායම විසින් මහා පරිමාණයෙන් මේ දුම්වැටි ගෙන්වන පුදගලයන් කීප දෙනෙකුම නීතියේ රැහැනට අසු කර ගන්නා ලදී .
පුත්තලම ක්ෂිනික විහිදුම් බලකායේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතසිරි ප්‍රනාන්දු , පොලිස් සැරයන්වරුන් වන 76891 රත්නායක ,75189 සිරි බණ්ඩාර . පොලි කොස්තාපල් වරුන් වන 78494 රුචිර , 58305 කුමාර යන නිලධාරීන් මේ වැටලීම් සිදු කර තිබේ . සැකකරුවන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
