ඉන්දියාව තවත් බේලි පාලම් කට්ටල ශ්‍රී ලංකාවට භාර දෙයි!
පසුගිය වසරේ දී හටගත් ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශ වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙට්‍රික් ටොන් 251 ක් බරින් යුක්ත වන තවත් බේලි පාලම් කට්ටල තොගයක් පසුගිය දා – 2026 අගෝස්තු 06 වන දින ඉන්දියාවෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී. මෙම බේලි පාලම් කට්ටල තොගය ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණි විසින් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ මහතා වෙත භාර දෙන ලදී.
“දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන පැකේජයේ කොටසක් ලෙස බේලි පාලම් ශ්‍රී ලංකාව සඳහා ප්‍රකාශයට පත් කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ අදාළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරීන් (PRDAs) විසින් හඳුනාගත් ස්ථානවල ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකායක් විසින් පාලම් ස්ථාපනය කරනු ලැබේ.
සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල තීරණාත්මක සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන පරිදි ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාව පුරා ස්ථාන 7 ක බේලි පාලම් 8 ක් ස්ථාපනය කර ඇත.
ඉන්දියාව සිය ප්‍රතිසංස්කරණ ආධාරයේ ඊළඟ අදියර ලෙස, ශ්‍රී ලංකාව පුරා හඳුනාගත් ස්ථානවල ස්ථිර පාලම් ඉදිකිරීම ද ආරම්භ කරනු ඇත. මෙම ව්‍යාපෘති රට පුරා තීරණාත්මක මාර්ග සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වඩාත් ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට දායක වනු ඇති බව ඉංදීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් සදහන් කරයි.
END/PressReleaseHCoI/MMP/10082026
