ශ්‍රි ලංකා–ඊජිප්තු වෙළෙඳ හා සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාවේ සිය රාජකාරි කටයුතු අවසන් කර ආපසු යාමට නියමිත ඊජිප්තු තානාපති ඇඩෙල් ඉබ්‍රාහිම් මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී වත්මන් රජයේ පාලන ප්‍රතිපත්ති, ආර්ථික ගොඩනැගීම සඳහා වන නීතිමය රාමුව, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර වෙළෙඳ හා සංචාරක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අදහස් පළ විය.
