අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (06) දින පියවර ගෙන ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ ආකාරයෙන් තහනම් කරන ලද ලියාපදිංචි නොකළ, නීති විරෝධී සූදු වෙබ් අඩවි ලේඛනය මේ සමඟ අමුණා ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

1.           1xbit.com

2.           melbet.org

3.           1xstavka.ru

4.           1xbet.ng

5.           1xbetchina.com

6.           melbet.com

7.           22bet1.co

8.           22betglobal.com

9.           1xbit

10.        1xbetuganda.com

11.        1xbet.ci/en

12.        1xbet.lk

13.        22bet1.co

14.        22betglobal.com

15.        melbet.org

16.        melbet.com

17.        melbet-srilanka.com

18.        melbet.mobi

19.        melbet-lka.com

20.        bbwei818.com

21.        betway.se

22.        biwei198.com

23.        biwei388.com

24.        bwei88.com

25.        tiyu83.com

26.        betwaytai.com

27.        unibet.it

28.        unibet.ie

29.        unibet.de

30.        888sport.es

31.        sport.mrgreen.com

32.        leovegas.com

33.        paf.com

34.        32red.com

35.        redbet.com

36.        mybet.com

37.        paf.es

38.        betfair.com/exchange

39.        mountbet.com

40.        orbitexch.com

41.        orbitxch.com

42.        orbexch.com

43.        obx888.com

44.        9wickets.com/exchange

45.        o198128.com

46.        cmd368.com

47.        12bet.com

48.        1bet.com

49.        ibcbet.com

50.        m88.com

51.        tlc820.com

52.        tic126.com

53.        16889898.com

54.        dafavip.asia

55.        tenghsu.com

56.        chodeetsu.com

57.        bet365.gr

58.        bet365.it

59.        bet365.es

60.        bet365.dk

61.        bet365.se

62.        38365365.com

63.        123365-sb.com

64.        348365365.com

65.        365-808.com

66.        188sb.com

67.        365-588.com

68.        356488.com

69.        788-365.com

70.        365365918.com

71.        365212365.com

72.        365365868.com

73.        488365.com

74.        365-88.com

75.        365-868.com

76.        868365.com

77.        365066365.com

78.        667-365.com

79.        365-117.com

80.        ksur937.com

81.        bet365.com.cy

82.        365365304.com

83.        365sport365.com

84.        1win.fyi

85.        1win-srilanka.com

86.        xpresspackers.in

87.        thesweetpop.co.in

88.        1wpcka.life

89.        one-vv3066.com

90.        spinbetter-srilanka.com

91.        10cric-online.com

92.        10cric2026.com

93.        bcgame.im

94.        megapari-srilanka.com

95.        pin-up.world

96.        pinupslots.net

97.        stake.bz

98.        stake.games

99.        staket2.com

100.     boylesports.com

101.     mostbet-srilanka.com

102.     mostbetbd.asia

103.     parimatch-srilanka.com

104.     parimatch.in

105.     betwinner-srilanka.com

106.     betwinner.ng

107.     linebet-srilanka.com

108.     4rabet-srilanka.com

109.     4rabet-web.com

110.     gautamtechnologies.in

111.     doublebetbd.com

112.     dbbet.co.tz

113.     db-bet.com/en

114.     dbbet.bet

115.     coldbet-bd.com

116.     coldbet.net.za

117.     coldbet.cm

118.     coldbet-srilanka.com

119.     coldbet-lk.com

120.     winwin57816.pro

121.     winwin-srilanka.com

122.     winwinbet.partners

END/GONP/MMP/07082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *