කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද (05) යළි විවෘත කළ බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, තත්පරයකට ඝන අඩි 130ක පමණ ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හැරීමට නියමිත බව සඳහන්.

මෙම ජල මුදාහැරීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් උලපනේ, ගෙඩිඔය, ගම්පොල, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *