පාසල් 16 ක් වසා දැමීම පියවර.. ආදී සිසුන් ,දෙමාපියන් හා සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කළ විරෝධතාවයක් – වසන්ත රෝහණ සමරවර්ධන
දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 16 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඊට වි රෝදය පලකරමින් එම පාසල්වල ආදී සිසුන් ,දෙමාපියන් හා සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කළ විරෝධතාවයක් අද (23)දෙහිඔවිට නගරයේදී පැවතුණි.
විරෝධතා කරුවන් දෙහිඕවිට නගරයේ සිට දෙහිඕවිට අධ්‍යාපන කලාප කාර්යාලය වෙත පාගමනින් ගමන් කළ අතර එහිදී එම කාර්යාලයට ගොස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවීමට උත්සහ දරා ඇත .එහෙත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොසිට ඇති අතර ඔහුට ලබාදීම සඳහා සංදේශයක් භාර දී ඇත .
