මාරවිල රිය අනතුරක්. තරුණයෙකු මරණයට ,තරුණියකට බරපතලයි . පැන ගිය රියදුරු පැයක් ඇතුලත් පොලිස් අත්අඩංගුවට – ප්‍රසාද් පුර්ණමාල්
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මුදුකටුව ප්‍රදේශයේදී අද 18 පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තරුණියක් බරපතල තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ .
මේ අනතුර අවස්ථාවේ බස් රථය ගමන් කල අයුරු ප්‍රදේශයේ සි සි ටි වී කමරාවකද සටහන්ව ඇත .
මේ අනතුරින් මියගොස් ඇත්තේ මීගමුව දළුවකොටුව පදිංචිව සිටි දුලාර ධනංජය සිල්වා නමැති 24 හැවිරිදි තරුණයෙකි . මිගමුව කදිරාන ප්‍රදේශයේ පදිංචි තරුණියක් තුවාල ලබා ඇත .
මේ අනතුර සම්බන්ධයෙන් අනුරාධපුරයේ සිට කොළඹ බලා ගමන් කල මගී ප්‍රවාහන බස් රථය හලාවත කාක්කපලියේ පදිංචි රියදුරු සමග මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත . අනතුර සිදුවූ වහාම රියදුරු බස් රථය දමා පැනගොස් සිටි අතර පසුව මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුර සුසන්ත මහතා පොලිස් නිලධාරීන් යොදවා කල සෝදිසි මෙහෙයුමකදී රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ . රියදුරු මත්ද්‍රවය භාවිතා කර සිටියේද යන්න පරික්ෂා කිරීම සදහා රෝහල් ගත කිරීමට නියමිතව තිබිණි .
මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුර සුසන්ත මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
