නිසි වේලාවට විදුලි බිල ගෙවා තිබෙද්දී අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විෂන්දිකරලා. පැය හතරකින් පසුව විදුලිය නැවතදීලා – තුසිත කුමාර ද සිල්වා
අලුත්ගම දුම්රියේස්ථානයට අදාළ මාසික රුපියල් 80,000 ක විදුලි බිල චෙක් පතක් මගින් විදුලි පෞද්ගලික සමාගමට ගෙවා තිබියදී අද(30) පෙරවරු දහයේ සිට දහවල් එකයි තිහ වනතෙක් පැය කීපයක් විදුලිය නොමැතිව දුම්රිය ස්ථානයෙ කටයුතු අකර්මණ්‍ය වූ බව අලුත්ගම දුම්රිය ස්ථාන භාර නිලධාරීවරයා පැවසීය.
එම පැය කීපයපය තුළ විදුලි පුද්ගලික සමාගමෙන් සිදුවූූ ප්‍රමාදයඅලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කර ඇති පුවතක් ලෙස අලුත්ගම දුම්රිය ස්ථානයෙන්ද කිසිදු විමසීමක් නොකර ඇතැම් මාධ්‍යද උපුටා දක්වා තිබීම කණගාටුවට කරුණක් බවද එම ප්‍රකාශකයාා පැවසීය.
විදුලි පුද්ගලික සමාගමෙන් වූ ප්‍රමාදය අලුත්ගම දුම්රිය ස්ථානයේ දෝෂයක් බව පෙන්වා දීම නොකළ යුත්තක් බවක් හැම මාසයකම විසිහය දින වන විට අදාල බිල්පත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙ ගිණුම් අංශය මගින් ගෙවන බවත් එලෙස නිසි වෙලාවට මුදල් ගෙවා තිබියදී වගකීමෙන් තොරව දුම්රිය ස්ථානයක් වැනි ආයතනයක නිසි සොයා බැලීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම කණගාටුවට කරුණක් බවද අලුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළහ.
එම පැය කිහිපය දුම්රිය ස්ථානයේ කටයුතුවලට විදුලිය නොමැතිව බාධා සිදුවූ බවද වැඩිදුරටත් සඳහන් කළහ.
