ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

දෙරට අතර පැවති යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල, ඉන් පසුව වාර්තා වූ අවම අගයට පැමිණ ඇත්තේ අද (15) දිනයේදීය.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අද දිනයේ අමෙරිකානු ඩොලර් 83.91ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.89 දක්වා පහළ වැටුණි.

මින් පෙර වරින් වර WTI බොරතෙල් මිල, ඩොලර් 83 සීමාව දක්වා පහළ ගිය ද මෙලෙස ඩොලර් 80 සීමාවට පැමිණියේ පසුගිය පෙබරවාරි අවසානයෙන් පසුව පළමු වතාවටය.

පෙබරවාරි අවසාන සතියේදී WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67ක් ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *