රඹුක්කනදී දුම්රියක් පීලි පනී

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ කියා සිටියේ රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත දුම්රිය ප්රමාදයක් සිදු නොවන බවත්, අදාළ දුම්රිය අවලංගු කළ බවත්, ඔහු සදහන් කළා.

එමෙන්ම, දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *