පොලිස්පති සහන මැදිරිය මේ සිකුරාදා නොපැවැත්වේ
ලබන 29 වැනිදාට නියමිත පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
සතියේ සෑම සිකුරාදා දිනයකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබෙන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.
අදාල දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කළේ.
