ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගය සාර්ථකව අවසන් – විභාග දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2023(2026) ඊයේ (24) දිනයේ සාර්ථක ව පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග මධ්‍යස්ථාන 1048 දී මෙම විභාගය පැවති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම විභාගය සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991 ක් ද, අනෙකුත් අයදුම්කරුවන් 96,442 ක් ද අයදුම්පත් ඉදිරිපත් කර තිබු අතර විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකු සඳහා ද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සපයා තිබුණා.

2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් නඩු 3න් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.

සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දිවසින පුරා පවතින සමස්ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන් ම අනෙකුත් උපාධිධාරීන්ට ද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පැවැත්වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *