මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයට අනුබද්ධ නව ඖෂධාගාරය මහජන අයිතියට – නදීක දයා බණ්ඩාර

මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ නව ඔසුසල මහජන අයිතියට පත් කිරීම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් එම වාට්ටු සංකීර්ණයේදී ඊයේ (19) සිදුවිය.

කලක් ඉදිකිරීම් නැවතී තිබුණු මෙම ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මාස කිහිපයකට පෙර ආරම්භ වූ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදුවේ.

ඒ අනුව එහි වාට්ටු සංකීර්ණය සඳහා වෙනම ඖෂධ නිකුත් කිරීමේ ඒකකයක් ස්ථාපිත කර තිබේ. රෝගීන් අපහසුතාවට පත් කිරීම වළක්වා ගැනීම සඳහා මෙම ඔසුසල පිළිකා වාට්ටු සංකීර්ණයටම සම්බන්ධ කොට තිබේ.

නව ඔසුසල මහජන අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා වෛද්‍යවරු, රෝහල් කාර්යය මණ්ඩලය සහ රෝගීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *