මේ වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තු සංශෝධනය නොවේ
2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.
ඒ අනුව, මේ වසරේ පළමු මාස 06 තුළ ජල විකුණුම් ඒකක පිරිවැය ඉහළ නැංවීමකින් තොරව පවත්වා ගෙන යාමටයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ.
2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධකවල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව තිබුණා.
2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ප්‍රකාශය මත පදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවටයි තහවුරු වී තිබෙන්නේ.
