අද වතුර නැහැ!

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ රැසකට අද ජූලි 07 ව‍ෙනි දා දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිව‍ෙිදනය කරයි.

අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව නිවේදනය‍ේ සඳහන් කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය‍ේ වැඩිදුරටත් පැහැදිළි කර දන්වා සිටියි.

END/MMP/07072025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *