හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකුගේ දිවි බේරා ගනී – හිරුණි ලක්ෂිකා

තලාතුඔය, රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (28) උදෑසන හන්තාන කඳුකර ප්‍රදේශයේ සංචාරයකට එක්ව තිබෙනවා.

හන්තාන කඳු මුදුනට ගිය මෙම සිසුන් පිරිස ඊයේ සවස් වන විට නැවත පහළට පැමිණෙමින් සිටියදී, හදිසියේ ඇති වූ දැඩි මීදුම සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මංමුලා වී අතුරුදන් වී තිබෙනවා.

සිසුන් අතුරුදන් වූ පුවත වාර්තා වීමත් සමඟම, යුද හමුදා සහ තලාතුඔය පොලිස් නිලධාරීන් කණ්ඩායම් ඒකාබද්ධව වහාම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

 

රාත්‍රී කාලය පුරාවටම මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, අලුයම 2:00 ට පමණ සිසුන් සිටි ස්ථානය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

අලුයම 4:00 වන විට අතුරුදන් වූ සිසුන් 8 දෙනාම සාර්ථකව බේරා ගැනීමට යුද හමුදාවට සහ පොලීසියට හැකි වී ඇති අතර, මුදාගත් සිසුන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *