ලේ එකතු කර පොල් පැල බෙදයි. – චන්දන ජයවීර – හැටන්

 

මෙම දිනවල මෙරට රජයේ රෝහල් තුල රෝගීන් සදහා විශාල රුධිර ඌනතාවයක් පවති.රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලබන හදිසි අනතුරු වලට ලක්වු හා ශෛල්‍යකර්ම වලට මුහුණ දෙන රෝගීන් සදහා පවතින රුධිර ඌනතාවය ට පිළියමක් වශයෙන් ලේ දන්දීමේ කදවුරක් සංවිධානය කිරිමට ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 2022/2003 කණ්ඩායම පියවර ගෙන තිබින.

ඉකුත් මාර්තු 01 දා අඹගමුව විජයබාහු පිරිවෙන් විහාරය පරිශ්‍රයේදී පෙ.ව 9 සිට ප.ව 2.00 දක්වා පැවති මෙම කදවුර සදහා ප්‍රාදේශයේ තරුණ තරුණියන් ඇතුළු 100 ට ආසන්න පිරිසකගේ දායකත්වය ලැබි තිබින.

රුධිරය පරිත්‍යාග කල සෑම කෙනෙකු සදහා ම ඉහල ඵලදාවක් ලබා ගත හැකි ගුණාත්මක තත්ත්වයේ පොල් පැලයක් පරිත්‍යාග කරන ලදි.

පාසල් වියේ මිතුරන් එක්ව කණ්ඩයමක් ලෙස වසර පුරා සිදු කරන විවිධ අධ්‍යාපනික හා සමාජ සත්කාර වැඩසටහන් අතරේ වාර්ෂික ව පවත්ව ලේ දන්දීමේ කදවුරු අතරට මෙවර සංවර්ධන කරනු ලැබුවේ 5 වන වරටය.

නාවලපිටිය රජයේ මුලික රෝහලේ ලේ බැංකුවේ  කාර්ය මණ්ඩලය මේ සදහා එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *