දුවේ පාස්කු ප්රතිමාව දුව සින්දාත්රි දේවස්ථානයට – රේමන් අපොන්සු

දුවේ ආශ්චාරවත් ප්රාතිහාරාත්මක ඓතිහාසික පාස්කු ප්රතිමාව 02 වෙනි ඉරුදින පෙරවරුවේ දී
මීගමුව ශාන්ත පීතර දේවස්ථානයේ සිට දූව සින්දාත්රි දේවමාතා දේවස්ථානය දක්වා සැදැහැවත් ජනතාවගේ සහභාගිත්වයෙන් වඩමවාගෙන යනු ලැබීය.
මෙම ප්රතිමාව සම්බන්ධව මුල් කාලේ ඇතිවූ නීතිමය ප්රශ්නයක් විසඳා ගැනීමෙන් අනතුරුව කුරුසියේ ඇණ ගැසීමේ දර්ශනයට යොදා ගන්නා ක්රිස්තුස් වහන්සේගේ ප්රතිමාවේ අයිතිය භාරකාරත්වය,එම ප්රතිමාව තබා ඇති මංජුසාවන්හි යතුරු එම ප්රතිමාව ,එම මංජුසාවන්හි තැන්පත් කිරීම,එම යතුරු මගින් එය වසා තැබීම සහ එය විවෘත කිරීම,පරම්පරා ගත අයිතිය මත නැගෙනහිර දූවේ මිහිඳුකුල සූරිය ගෝත්රිකයන්ගෙන් සැදුම්ලත් දූව පාස්තු සංවිධානයට සහ මීගමුව මිහිඳුකුල සූරිය ගෝත්රිකයන්ගෙන් සැදුම්ලත් මීගමුව සාන්ත පේදුරු දේවස්ථාන සභාවේ පාරම්පරික මීසම් වාසීන්ගේ සංවිධානයට හිමි බවට එම නීතිමය ප්රශ්නය විසඳීමෙන් පසු නියම විය,
තවද පොදුජන වන්දනාව පිණිස සෑම මාස යේම පළමුවෙනි සිකුරාදා දිනද විශේෂයෙන්ම චතාරික කාලයේ සෑම සිකුරාදා දිනකම ද අදාළ කුරුසයේ ඇණ ගැසීමේ දර්ශනයට යොදාගන්නා මෙම ප්රතිමාව තැන්පත් කර ඇති මංජුසාව විවෘත කර එම ප්රතිමාව දර්ශනය කිරීමට දෙපාර්ශවයේම බැඳී ඇති බවට
මෙම නීතිමය කටයුත්තෙන් වැඩිදුරටත් නියම කර ඇත,
අදාලමය නීතිමය කොන්දේසි
අනුව වර්ෂයක කාලයක් මීගමුව සාන්ත පීතර දේවස්ථානයේ තැන්පත් කර තිබූ එම ප්රතිමාව ඉදිරි වර්ෂ දෙකක කාලයක් දූව සින්දාත්රි දේව මාතා දේවස්ථානයේ තැන්පත් කර තැබීම සිදුවේ,මීගමුව ශාන්ත පීතර මීසම් සේවක ගරු ජයන්ත වික්රමසිංහ පියතුමා විසින් එම ප්රාතිහාරාත්මක ප්රතිමාව නිල වශයෙන් භාරදීමේ කටයුතු ඉටුකරමින් දුව මීසම් සේවක ගරු .ලලිත් තිසරා පියතුමා වෙත එම පාස්තු දර්ශන සඳහා භාවිතා කරන කටු ඔටුන්න පිරිනැමීම මෙම අවස්ථාවේ සිදුවිය,
ඡායාරූප ඊමේල් කළා .