මිනි මැරීමට තැත් කිරීමේ චෝදනාවට වෙන්නප්පුවේ පාසලක ගුරුවරියන් දෙකක් රිමාන්ඩ් – සිසුවියක් දැඩි සත්කාර ඒකකයේ
වෙන්නප්පුව පොලිසිය විසින් රජයේ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනි මැරීමට තැත් කිරීම ,හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ
අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
නියෝග කර ඇත .
අද 22 දහවල් මේ ගුරුවරියන් දෙදෙනා මාරවිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කලේ දැරියකට බරපතල ලෙස පහර දීමේ සිදුවීමක් මුල කර ගිනිමිනි .
වෙන්නප්පුව ප්රධාන පෙලේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
මේ පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ රවිෂා දිනිති (15 ) දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි . ඇය මේ වන විට දින 13 ක් කොළඹ
ජාතික රෝහලේ ප්රතිකාර ලබන අතර ඇගේ තත්වය බරපතල බව වෛද්වරු පැවසූ බව දෙමාපියන් පැවසුහ .
අද 22 මාරවිල අධිකරණය ඉදිරිපිටදී මේ දැරියගේ මව ශාලිකා රුවන්ති මහත්මිය ප්රකාශ කලේ මේ ගුරුවරියක් අතින් බරපතල ලෙස පහර දී ඇති අතර පසුව
තවත් ගුරුවරියක් කොස්සකින් පහර දී ගිනි අව්වේ දන ගස්වා ඇති බවයි . ඉන් අනතුරව මේ දැරිය ක්ලාන්තවී ඇති අතර එහිදී දැරිය උස්සගෙන විත් මේසයක් මත අත හැර
ඇති බවයි . මෙහිදී දැරියගේ ඔලුව මේසයක හැපී ඇති බවද පැවසුවාය .
මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් මුලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව මුලස්ඨාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා විසින් මේ ගුරුවරියන්
දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත .
වෙන්නප්පුව පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී එස්. ඩි .ආර් .ප්රියන්ත මහතාගේ උපදෙස් පරිදි වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි