.හැටන් අලුත් සෙල්ලමක් – හැටන් චන්දන ජයවීර
ජනපතිවරණයට පෙර රජයේ ආයතන වල රැකියා ලබා දෙන බවට පවසමින් ගිණුම් වලට මුදල් බැර කර ගැනීමේ හා විහාරයේ හාමුදුරුවෝ අමතන බවට ජනතාව රවටමින් ඉසි කෑෂ් ක්රමයට මුදල් උපයා ගැනිමේ ජාවරම් හැටන් නගරයේ ක්රියාත්මක වෙමින් පවතින අතර ඊට හසුවු ජනතාව හැටන් මුලස්ඨාන පොලිසිය වෙත පැමිණි ඉදිරිපත් කිරිමට ද පියවර ගෙන තිබේ .
හැටන් – රුවන්පුර ගම්මානයේ පිරිසකට විදුලිය බල මණ්ඩලෙය් රැකියා දෙන බවට පවසමින් රුපියල් 400000 ,25000 හා 20000 ආදි වශයෙන් කාන්තා හා පිරිමි පුද්ගලයින් 7 කු කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දුන් රජයේ බැංකුවක ගිණුම් අංකයක් සදහා මුදල් බැර කර තිබේ.මුදල් බැර කිරිමෙන් අනතුරුව සියලුම සහතික පත් ඇතුලත් ගොනු දෙකක් සකසා ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ඊට පසුව එම දුරකථන අංකය ක්රියා විරහිත බවද පවසමින් ඔවුන් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ අතර හැටන් නගරයේ ත්රිරෝද රථ රියදුරෙකු ඇමතු කිසියම් පුද්ගලයෙකු ඔහු ප්රදේශයේ විහාරයේ හාමුදුරුවෝ බව පවසමින් ගමනක් යාම සදහා විහාරස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ.රියදුර විහාරයට යමින් සිටිය දී නැවත අමතා ඉෂිකෑෂ් ක්රමයට රුපියල් 8500 ක් එම ජංගම දුරකථන අංකයට බැර කරන ලෙසත් විහාරයට පැමිණි සැනින් මුදල් දෙන බවද පවසා තිබේ .එම රියදුරා හැටන් නගරයේ ස්ථානයකින් මුදල් තැන්පත් කර ත්රිරෝද රථයට පැමිණ ඇමතුමක් ලබා ගන්න උත්සහ කල අවස්ථාවේ සිට එම දුරකථනය ද ක්රියා විරහිත කර තිබු බව පැවසීය .
ඉහත පුද්ගලයන් විසින් සිදු කරන ප්රකාශ සම්බන්ධයෙන් හැටන් මුලස්න පොලිසියේ උසස් නිලධාරීයෙකුගෙන් කල විමසීමකදී පැවසුවේ සිදුකල පැමිණිලි වලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක්රියාත්මක කර තිබෙන බවයී.